වප් පුර පසලොස්වක පොහොය දිනය අදයි

වප් පුර පසලොස්වක පොහොය දිනය අදට (25) යෙදී තිබෙනවා .

සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර යමාමහ පෙළහර පාමින් වැඩසිට ඇත්තේ ද අදවන් පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

එසේම මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදුවූයේද අද වන් වප් පුන් පොහෝ දිනයන්හි දී ය.

එමෙන්ම වස්සාන සමයේ පෙරවස් එළඹුණු භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීමද අද වැනි පොහොය දිනකදී සිදුකෙරේ.