තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපර්තමෙන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවයි.
2026 ඔක්තෝබර් මස 24 වන දින රාත්‍රී 11.30 වන විට, එම පද්ධතිය උතුරු අක්ෂාංශ 15.5° සහ නැගෙනහිර දේශාංශ 91.0° ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණි. මෙම පද්ධතිය ඔක්තෝබර් මස 25 වන දින බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර – මධ්‍යම සහ ඊට යාබද ගිනිකොනදිග ප්‍රදේශය හරහා ගමන් කරමින්, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතී. මෙම පද්ධතිය තවදුරටත් බටහිර – වයඹ දෙසට ගමන් කරමින්, ඔක්තෝබර් මස 26 වන දින උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, ඔක්තෝබර් මස 27 වන උදෑසන වන විට බෙංගාල බොක්ක බටහිර – මධ්‍යම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් බවටත් තවදුරටත් වර්ධනය වීමට ඉහළ සම්භාවිතාවක් පවතී.
එමනිසා උතුරු අක්ෂාංශ 10 ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 95 ත් අතර මුහුදු ප්‍රදේශ වල නැවතදැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වළකින ලෙසත් එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාවන් ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දී තිබෙනවා.

