වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් සිදු වූ මරණ 79ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 103,565ක් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරන්නේ.
සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් 52.19%ක් එනම් රෝගීන් 54,046ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වනවා.
දිස්ත්‍රික් මට්ටමින් සැලකීමේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 21,828කි.

