ආසියාවේ හොඳම වෙරළ තීරය ආරුගම්බේ

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ වෙරළ තීරය ආසියාවේ වඩාත් ආකර්ෂණීය සහ හොඳම වෙරළ තීරය ලෙස නම් කර තිබෙනවා.

2026 වර්ෂය සඳහා Conde Nast Traveler Readers විසින් ප්‍රකාශයට පත් කළ නවතම සමීක්ෂණ වාර්තාවට අනුවයි මෙම නම් කිරීම සිදුකර ඇත්තේ.

විශේෂයෙන්ම සර්ෆින් ක්‍රීඩාව සඳහා ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනාගෙන තිබීම ආරුගම්බේ වෙරළ තීරය ආසියාවේ ප්‍රමුඛස්ථානයට පත්වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.