අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ තරුණයෙකු අත්අඩංගුවට

හෝමාගම – මාවත්ගම ප්‍රදේශයේදී අන්තර්ජාලය ඔස්සේ වාහන විකිණීම සඳහා දැන්වීම් පල කර දෙන බවට පවසා පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් කණ්ඩායමක් සිදුකළ විමර්ශනයකදීයි.

සැකකරු ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළ කර, වාහන විකුණා දෙන බවට මුදල් ලබාගැනීමෙන් පසු අදාළ දැන්වීම් පල නොකර පුද්ගලයින්ගෙන් මුදල් වංචා කරමින් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම හා අන් අයෙකු ලෙස පෙනී සිටිමින් චංවා කිරීම යන වැරදි සිදු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි මාවත්ගම, හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.