වසරේ ගතවූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 15 ඉක්මවා ඇතැයිසංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති වාර්තාවක දැක්වෙනවා.
ඒ අනුව ජනවාරි පළමුවැනිදා සිට සැප්තැම්බර් 06 වැනි දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,567,007කි.
මේ අතර සැප්තැම්බර් මස 01 වැනි දින සිට 6 වැනි දින දක්වා කාලය තුළ සංචාරකයින් 31,885ක් පැමිණ තිබෙනවා.
වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංචාරකයින් ගණන 395,377කි.
මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 152,625ක්, චීනයෙන් 102,473, ජර්මනියෙන් සංචාරකයින් 91,763ක්ද මෙරටට පැමිණ තිබේ.

