පවතින වියළි කාලගුණය හමුවේ පොල් වගාවට ඇතිවිය හැකි බලපෑම අවම කිරීම සඳහා විශේෂ සහනාධාර වැඩසටහනක් දියත් කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
එහි සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසුවේ පොල් අස්වැන්න වැඩි කර ගැනීමට සහ අස්වැන්න රැක ගැනීමේ අරමුණින් රුපියල් මිලියන 2,500 ක ප්‍රතිපාදන යටතේ මෙම සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කරන බවය.
මෙම සහනාධාර වැඩසටහන තුළින් පොල් වගාකරන ගොවීන් උනන්දු කරවීම, පොල් ඵළදාව වැඩි කරගැනීම සහ පොල් ඉඩම් පුනරුත්ථාපනය කිරීම අරමුණ බවද ඒ මහතා සඳහන් කළේය
ඒ අනුව අදාළ සහනාධාර වැඩසටහන යටතේ ගම්පහ, කුරුණෑගල, කුලියාපිටිය, පුත්තලම වැනි දිස්ත්‍රික්කවල පිහිටි පොල් වගාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතයි.
මීට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවලද පොල් වගාවන් සම්බන්ධවද මෙම සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක වනවා.
මෙම සහනාධාර ක්‍රමවේදය යටතේ පොල් ඉඩම්වල ජල සම්පාදනය ඉදිකර ගැනීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් බැගින් අක්කර 5ක් දක්වා සහනාධාරය ලබා දෙන බවත් මීට අමතරව ජල සංරක්ෂණය සඳහා එක් පොල් ගසකට රුපියල් 200 බැගින් ලබා දීමට ද පියවර ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

