ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඉහළට

ඕමානයට බෝම්බ හෙළන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90 ඉක්මවා ගොස්, එය 91.24ක් ලෙස සටහන්වී ඇත.

එමෙන්ම මර්බන් වර්ගයේ බොරතෙල් ඩොලර් 97.70ක් ලෙසත්, WTI බොරතෙල් ඩොලර් 85ක් ලෙසත් ඉහළගොස් තිබේ.

ඉරානය සමග හෝමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් සිදුවන සාකච්ඡාවලට බාධා කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆොක්ස් නිව්ස් මාධ්‍යවේදීන් සමග ඊයේ (17) පැවැති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.