අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිස්ත්‍රික් 9ක පුද්ගලයින් 11,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවුල් 3,014 කට අයත් පුද්ගලයින් 11,832දෙනෙකු මෙලෙස පීඩාවට පත්ව ඇත.
ආපදා අනතුරුවලින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.
එමෙන්ම ආපදා අනතුරුවලින් නිවාසයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තවත් නිවාස 290කට අර්ධ හානි සිදුව ඇත.
සුරක්ෂිත මධ්‍යස්ථාන 51ක පුද්ගලයින් 3,538දෙනෙකු තාවකාලිකව නවතා සිටින බවයි ඊයේ (04) සවස 6ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

