පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් පරිදි හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් අද (05) දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා.
එසේවෙතත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් අද (05) සිට යළි විවෘත කිරීමට නියමිතය.
පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති විය හැකි ආපදා සැලකිල්ලට ගෙන අදාළ දිස්ත්‍රික්කයන්හි සියලුම පාසල් වසා දැමීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.

