ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව අමෙරිකානු බොරතෙල් මිල 5%කින් පහත වැටී බැරලයක් ඩොලර් 80.79ක් ලෙස සටහන්ව ඇත.
එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් මිල ද 5% කින් පහත වැටී බැරලයක් ඩොලර් 83.87ක් දක්වා පහළ ගොස් තිබේ.
සටන් අවසන් කිරීම සඳහා වන එකඟතාවයට පැමිණීමට නියමිත බවත් ඒ හේතුවෙන් ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර තාවකාලිකව නතර කරන ලෙස නියෝග කරන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීම මෙලෙස මිල අඩුවීමට හේතු වී ඇත.

