ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 86,386ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා.
එහි දැක්වෙන්නේ ගත වූ අගෝස්තු මාසයේ මුල් දින කිහිපය තුළ පමණක් රෝගීන් 1,034 දෙනෙකු වාර්තා වී ඇති බවයි.
මෙම වසරේ මාසික දත්ත විශ්ලේෂණය කිරීමේදී ජූලි මාසයේදී ඉහළම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇති අතර එය 29,978 ක් වනවා.
ඊට අමතරව ජූනි මාසයේදී රෝගීන් 21,533ක් ද, මැයි මාසයේදී රෝගීන් 8,590ක් ද ලෙස රෝගීන් වාර්තා වී ඇත.
දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය සමස්ත රෝගීන්ගෙන් 21.21% ක් එනම් රෝගීන් 18,321වේ.
දෙවනුවට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයට වන අතර එහිදී රෝගීන් 17,101 ක් වාර්තා වී තිබේ.
මීට අමතරව මහනුවර (6,032), මාතර (5,848) සහ කළුතර (5,633) යන දිස්ත්‍රික්කවලින් ද ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වේ.
අඩුම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර එය රෝගීන් 55 ක් වනවා.

