රුසියාවේ ප්‍රධාන තෙල් පර්යන්තයකට යුක්රේනය පහර දෙයි

රුසියාවේ වයඹ දෙසින් පිහිටි ශාන්ත පීටර්ස්බර්ග් හි ප්‍රධාන තෙල් පර්යන්තයකට යුක්රේනය විසින් පහර දී තිබෙනවා.

රුසියාවේ යුද්ධයට ආදායම් උපයන යටිතල පහසුකම් ලෙසයි යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මෙම තෙල් පර්යන්තය හඳුන්වා දී ඇත්තේ.

එසේම කලාපයේ ප්‍රධාන රුසියානු නාවික කඳවුරකට ද පහර දුන් බවයි ඔහු සඳහන් කළේ.

යුක්රේනය මෑතකදී රුසියාවේ තීරණාත්මක බලශක්ති යටිතල පහසුකම් මත දිගු දුර ඩ්‍රෝන ප්‍රහාර තීව්‍ර කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස රුසියාවේ තෙල් පිරිපහදු ධාරිතාවෙන් 43% ක් පමණ “අක්‍රිය” වී ඇති බව කියෙව් පවසනවා.

මොස්කව් සිය යුද ප්‍රයත්නය දිගටම කරගෙන යාම සඳහා පොසිල ඉන්ධන අපනයන මත දැඩි ලෙස රඳා පවතින බැවින් රුසියානු තෙල් සහ ගෑස් පහසුකම් නීත්‍යානුකූල ඉලක්ක බව යුක්රේනය පවසයි.