ගෑස් මිල අඩුවීමත් සමඟ ආහාර මිල පහළට

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීම හේතුවෙන් ආපනශාලා ආහාර මිල ගණන්ද පහළ දමන බව සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගම පවසනවා.

ඒ අනුව කෑම පාර්සලයක් (බත්) රුපියල් 15කින්, ප්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 15කින්, කෙටි ආහාර රුපියල් 5කින්, පරාටා රුපියල් 5කින්, බිත්තර රොටියක් රුපියල් 5කින් ද අඩු කර ඇත.

එසේම කිරි තේ එකක් රුපියල් 5කින් සහ ප්ලේන්ටී එකක් රුපියල් 5කින් අඩු කිරීමට පියවර ගත් බවයි එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ.