ධාවනය සඳහා බලවේග කට්ටලයක් (Power Set) නොමැති වීම හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ ප්රධාන ගමන් වාර දෙකක් නැවත දැනුම් දෙන තුරු අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිවෙනවා.
ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇත.
අවලංගු කර ඇති ගමන් වාර පහතින්,
පස්වරු 04.00: කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල බලා ධාවනය වන දුම්රිය.
උදෑසන 05.55: අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය.
මෙම දුම්රිය ගමන් වාර දෙකම අද (01) දින සිට ක්රියාත්මක වන පරිදි අවලංගු කර ඇති බව සඳහන්.

