ඩෙංගු රෝගීන් ගණන 55,000 ඉක්මවයි

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,406ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා,

එසේම ඩෙංගු නිසා සිදු වූ මරණ 32 දක්වා ඉහළ ‌ගොස් ඇත.

මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,024ක් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර මහතා පැවසුවා.

ජූනි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 21,565ක් වාර්තා වී ඇති අතර, ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණය බස්නාහිර පළාතෙන් හමු වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11,392ක් වාර්තා වී ඇති අතර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11,006ක් රෝගීන් වාර්තා වී තිබේ.