මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ජුනි 21 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,104,354ක් දක්වා වාර්තා වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.

ජුනි 01 වනදා සිටි  21 වනදා දක්වා පැමිණි සංචාරකයින් ගණන 82,332ක් වනවා.

ජුනි මාසයේදී මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් අතුරින් වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංචාරකයින් ගණන 31,158ක් වේ.

දෙවැනියට වැඩිම සංචාරකයින් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එම අගය 6,658ක් ලෙසද සටහන් වී තිබේ.

මේ අතර වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේද ඉන්දියාවෙන් වන අතර එම අගය 281,418කි.

මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 104,751ක් සහ රුසියාවෙන් සංචාරකයින් 76,963ක්ද මෙරටට පැමිණ ඇත.