ග්‍රාම නිලධාරීන් දැඩි තිරණයක

ග්‍රාම නිලධාරීන් අද (24) සිට සියලු ක්ෂේත්‍ර රාජකාරිවලින් ඉවත්වීමට තීරණය කර ඇති බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානය පවසනවා.

අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි සභාපති නන්දන රණසිංහ මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් එළඹෙන 30 වනදා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකටද යොමුවන බවය.

ගමන් වියදම් සඳහා ප්‍රමාණවත් ඉන්ධන දීමනාවක් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන්.