ඊයේ දිනයට සාපේක්ෂව අද (23) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 329.30 සිට රු. 329.65 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතය ද රු. 339.06 සිට රු. 339.49 දක්වා ඉහළ ගොස් තිබේ.

