අද සමාජයේ බහුලවම භාවිතා වෙන උපත් පාලන ක්‍රමවේදය කොන්ඩම් කිව්වොත් ඒක වැරදි නැති තරම්. එක භාවිතා කිරීමේ පහසුව, ප්‍රායෝගික බව සහ අතුරු ආබාධ ඉතාම අවම වීම ආදී කරුණු නිසා කොන්ඩම් භාවිතය වයස් බේදයකින් තොරව හැමෝම යොදා ගන්න උපත් පාලන ක්‍රමයක් වෙනවා.
කොන්ඩම් එකක් 100%ක් sure ද? කොන්ඩම් එකකින් 100% ක් ම ගැබ් ගැනීම වළක්වනවා ද?
මේකට සරලවම පිළිතුර තමයි නැහැ කියන එක. දැනට භාවිතා වන කිසිම උපත් පාලන ක්‍රමවේදයක් 100%ක් සුරක්ෂිත නැහැ. ඉතින් ලිංගිකව එක් විමක දී ඔයා කොන්ඩම් එකක් භාවිතා කළත් ගැබ් ගැනීමේ පොඩි හරි chance එකක් තියෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට සෑම විටම කිසිදු වැරදීමකින් තොරව, නිවැරදි උපදෙස් අනුගමනය කරමින් කොන්ඩම් භාවිත කරන්නේ නම් එහි සාර්ථකත්වය 98%ක් පමණ වනවා.
ඒ වුණත් ඔයා හරි size එකේ කොන්ඩම් එකක් ගත්තේ නැත්නම්, ඒක හරියට දා ගත්තේ නැත්නම්, ලිංගික ක්‍රියාව කරන වෙලාවේ දී කොන්ඩම් එක ගැලවිලා ගියොත් එහෙමත් නැත්නම් ලිංගිකව හැසිරෙන අතරමැද දී නම් කොන්ඩම් එක පළඳින්නේ, කොන්ඩම් එකක සාර්ථකත්වය 85% – 87% දක්වා අඩු වෙන්න පුළුවන්.
ඒ කියන්නේ ඒ දේවල් නිසා ඔයා කොන්ඩම් එකක් භාවිතා කළත් ගැබ් ගැනීමේ සම්භාවිතාවය ඉහළ යනවා.
කොන්ඩම් එකකින් කෙරෙන එකම දේ අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන එක නෙමෙයි. කොන්ඩම් එකින් ඔයාට ලිංගිකව සම්ප්‍රේෂණය වන ලෙඩ (STD) වලිනුත් ආරක්ෂාවක් සපයනවා.
HIV, ගොනෝරියා සහ ක්ලැමීඩියා වැනි Body Fluids මඟින් බෝවන රෝග වැළැක්වීමට කොන්ඩම් ඉතා ඉහළ ආරක්ෂාවක් සපයනවා. කොහොම වුණත් HPV (හර්පීස්/සමේ බිබිලි) සහ Syphilis යන රෝග සමෙන් සමට ස්පර්ශ වීම (Skin-to-skin contact) මඟින්ද බෝ වෙන්න පුළුවන්. ඒ නිසා කොන්ඩම් එකකින් ආවරණය නොවන ප්‍රදේශවල මෙවැනි ආසාදන ඇත්නම්, කොන්ඩම් එකක් පැළඳ සිටියද රෝගය බෝවීමේ සුළු අවදානමක් පවතිනවා.
ඒ වගේම තමයි ඔයා කොන්ඩම් එක නිතරම purse එකේ, එහෙමත් නැත්නම් ඔයාගේ වාහනේ දාලා තියලා ටිකක් කල් ගිහින් නම් භාවිතා කරන්නේ පරිසර උෂ්ණත්වය එක්ක කොන්ඩම් එකේ rubber එක දුර්වල වෙන්න පුළුවන්. එහෙම වුනොත් කොන්ඩම් එකක සුරක්ෂිතභාවය අඩු වෙනවා.
ඔයා භාවිතා කරන Lubricant එකත් කොන්ඩම් එක කොච්චර sure ද කියන එකට බලපානවා.
අපි එදිනෙදා භාවිතා කරන කොන්ඩම් බහුතරය Latex වලින් හදලා තියෙන්නේ. එතකොට මේ Latex කොන්ඩම් තෙල් සහිත Lubricant, ඒ කියන්නේ Vaseline, Baby oil, Coconut oil වගේ භාවිත කළහොත් කොන්ඩම් එක දිය වෙලා යන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. එහෙම වුණොත් ශුක්‍රාණු leak වෙලා යෝනි මාර්ගයට ඇතුළු වෙන්න පුළුවන්. ඒක අනවශ්‍ය ගැබ් ගැනීමක් දක්වා දුර යන්න පුළුවන්.
ඒ නිසා මතක තියා ගන්න Latex කොන්ඩම් වලට Water-based Lubricant එකක් විතරක් භාවිතා කරන්න.
ඔයා කොන්ඩම් එක පැකට් එකෙන් කඩනකොට ඉදන් එක දා ගන්නකම් පරිස්සමට හෙමිහිට ඒක කරන්න. මොකද කලබලේට ඔයාගේ නියපොතු හෝ අතේ තිය මුදු වගේ දේවල් වැදිලා කොන්ඩම් එක ඉරිලා යන්න පුළුවන්. ඒ වගේම කොන්ඩම් එක ඇතුලේ තියෙන වාතය ඉවත් කරලා හොඳටම tight වෙන විදිහට කොන්ඩම් එක දා ගන්න.
එහෙනම් ඊළඟ පාර ඩිස්ටි ඩිඩින් කරන්න කලින් මේ කිව්ව දේවල් ටික හොඳට මතක තියා ගන්න…. ගිහින් එන්නම්…..

