ආනයනික කිරි පිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ග්රෑම් 400ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ කිලෝග්රෑම් 1ක කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ යනු ඇත.
වෙළෙඳපොළේ පවතින තත්ත්වය සහ විනිමය අනුපාත තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

