ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු ඉහළ යෑමක්

පසුගිය වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර මහත්මිය පවසනවා.

ඇය පෙන්වා දෙන්නේ මෙම වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 27,754ක් වාර්තා වී ඇති බවයි.

එසේම ඩෙංගු මරණ 14ක්ද සිදුව ඇත.

මෙම රෝගීන් අතුරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර මීට අමතර කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර දිස්ත්‍රික්කවලින්ද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබේ.