ආයෙමත් තරමක තද වැසි සහිත කාලගුණයක් පටන් අර ගෙනයි තියෙන්නේ.
ඉතින් කාලගුණ අංශ විසින් ඇතැම් පහත්බිම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා නිවේදනය කරලා තියෙනවා.
හදිස්සියේ හරි ඔබට ඔබේ ගෙදරින් යන්න වුණොත් රැගෙන යන්න මේ ආපදා මල්ලක් (Emergency kit) සූදානම් කරලා තියා ගන්න එක වටිනවා.
මෙහි අඩංගු විය යුතු අත්‍යවශ්‍ය දේවල්:
වටිනා ලිපිලේඛන (ඉතාම වැදගත්):
ඔප්පු, හැඳුනුම්පත්, බැංකු පොත්, උප්පැන්න සහතික, අධ්‍යාපන සහතික, රක්ෂණ සහතික (වතුර නොවදින ලෙස ඝන කවරයක දමන්න). මේ සඳහා ලොකු zip lock bag එකක් ගන්නත් පුළුවන්.
ආහාර සහ ජලය:
බිස්කට්, රස්ක්, ග්ලුකෝස් සහ වතුර බෝතල් කිහිපයක් දින හතරකට පමණ සෑහෙන පරිදි
ඖෂධ:
දිනපතා බොන බේත් වර්ග (අධි රුධිර පීඩනය/දියවැඩියාව වැනි) දින 3-5කට සරිලන ලෙස. පැනඩෝල්, ඩෙටෝල්, බැන්ඩේජ්.
එළිය සහ සන්නිවේදනය:
ටෝච් (බැටරි සහිත), Power Bank (Full Charge කර), කුඩා රේඩියෝවක් සහ විසිල් (Whistle) එකක්.
ඇඳුම් සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය:
සරල ඇඳුම් 2ක්, යට ඇදුම් කිහිපයක්, වැහි කබා, කාන්තා සනීපාරක්ෂක තුවා (Sanitary Napkins) සහ කුඩා දරුවන් සිටී නම් ඩයපර්ස්. tissue packet එකක්, සබන්, සීතලෙන් ආරක්ෂා වීමට ඇතිරිල්ලක් (Blanket).
වෙනත්:
මුදල් (කාසි සහ පොඩි නෝට්ටු), ගිනි පෙට්ටියක්/ලයිටරයක් (Waterproof), කුඩා පිහියක්.
සැලකිලිමත් විය යුතු කරුණු:
ආපදා මල්ල ඕනෑම අයෙකුට පහසුවෙන් ඔසවාගෙන යා හැකි බරකින් යුක්ත විය යුතුය (පිටේ එල්ලාගෙන යා හැකි බෑගයක් වඩාත් සුදුසුයි).
නිවසේ සිටින සැමට ඉක්මනින් ගත හැකි, ආරක්ෂිත ස්ථානයක මෙය තබන්න.
මාස 6කට වරක්වත් ආහාර සහ ඖෂධවල කල් ඉකුත් වීමේ දිනයන් පරීක්ෂා කර ඒවා අලුත් කරන්න.

