හිටපු ජනාධිපති මහින්ද අද අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (12) උදෑසන අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඒ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේ දී ලබාදුන්නේ යැයි කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමටයි.

ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී මියගිය කපිල චන්ද්‍රසේන මහතා විසින් ලබා දුන් පාපොච්චාරණයක් උපයෝගි කරගනිමින් හිටපු ජනාධිපතිවරයාට කැඳවීමක් කර ඇත.

කෙසේවෙතත් ඔහු ලබා දුන් පාපොච්චාරණය ඔහුට තර්ජනය කර බලෙන් ලබා ගැනීමක් බවට ඔහු අධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් මඟින් ලබා දී ඇති අතර එම කරුණු පදනම් කරගනිමින් මෙම කැඳවීම සිදුකරන්නේ නම් එය නීතිවිරෝධී බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කළේ.