ඉන්දියාවේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි සිකුරාදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ සහ ඉතාලිය යන රටවලට දින හයක සංචාරයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මෝදිගේ පළමු ගමනාන්තය එක්සත් අරාබි එමීර් රාජ්‍යය වන අතර එහිදී ඔහු ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් හමුවනු ඇත.
ද්විපාර්ශ්වික පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම සහ බටහිර ආසියානු ගැටුම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමේ අරමුණින් මෙම සංචාරය සිදු කරන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
ද්විපාර්ශ්වික ගැටළු, විශේෂයෙන් බලශක්ති සහයෝගීතාව මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට නියමිත බවයි ඉන්දීය විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ.
ඔහුගේ සංචාරයේ දෙවන අදියරේදී, මෝදි මැයි 15 සිට 17 දක්වා නෙදර්ලන්තයට යාමට සැලසුම් කර තිබෙනවා.
පසුව මැයි 17-18 දක්වා ඔහු ස්වීඩනයේ සංචාරය කරනු ඇත.

