මේ වසරේ මැයි 06 දක්වා කාලය තුළ සංචාරකයින් 904,855ක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව 200,796ක් වනවා.
එසේම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
මේ අතර මැයි මස පළමු දින සිට 6 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 28,578දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

