2026 අප්‍රේල් මාසය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම යළිත් ඇමෙරිකානු ඩොලර් බිලියන 7 මට්ටමින් පහළ වැටී තිබෙනවා.
ඒ අනුව 2026 මාර්තු මාසය අවසානයේ ඩොලර් මිලියන 7,026ක් ලෙස වාර්තා වූ සමස්ත නිල සංචිත වත්කම් ප්‍රමාණය, අප්‍රේල් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 6,759ක් දක්වා පහළ ගොස් ඇති බවයි මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වෙන්නේ.
සංචිත වත්කම්වල ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතයද අප්‍රේල් මාසය තුළ ඩොලර් මිලියන 6,800 සිට ඩොලර් මිලියන 6,505 දක්වා පහත වැටී ඇති බව දත්ත පෙන්වා දෙයි.
මහ බැංකුව සතු රන් සංචිතයද ඩොලර් මිලියන 222 සිට ඩොලර් මිලියන 219 දක්වා අඩු වී තිබේ.

