ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ වැසි

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලපොරොත්තු වියහැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

බස්නාහිර, දකුණ සහ උතුරු පළාත්වලට උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය.

එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප.ව. 1න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් ඇත්.

එහිදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු-මැද පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලට තද වැසි බලාපොරොත්තු වියහැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ වැසි ඇතිවීමේ හැකියාවක්ද තිබේ.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව  ජනතාවගෙන් ඉල්ලා සිටී.