2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත, 2026 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා පාසල්වලට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා භාරගැනීම හෙට (08) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ අනුව, 2026 මැයි 08 සිට මැයි 29 දක්වා අභියාචනා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ ඉදිරිපත් කළ හැක.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිස පාසල් 3ක් සඳහා (උපරිම) අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර http://g6application.moe.gov.lk දිගුව ඔස්සේ සෘජුව ම අභියාචනා යොමු කිරීමේ හැකියාව ද පවතී.
එසේම අදාළ මාර්ගගත පද්ධතිය ඔස්සේ සෘජුවම අභියාචනා යොමු කිරීමේ පහසුකමද සලසා තිබේ.
අදාළ කාලසීමාව තුළ පමණක් අභියාචනා භාරගන්නා බැවින්, සුදුසුකම්ලාභී සිසුන්ගේ දෙමාපියන් සහ භාරකරුවන් නියමිත කාලය තුළ අයදුම්පත් යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සිය නිවේදනයේ සඳහන් කරනවා.

