ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 50 දක්වා වැඩි කර ඇත.
මෙම සංශෝධිත බදු අනුපාතය 2026 මැයි 5 වන දින සිට 2026 දෙසැම්බර් 31 වන දින දක්වා බලපැවැත්වෙන බවයි මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
එමෙන්ම, 2025 දෙසැම්බර් 31 දින නිකුත් කළ අංක 2469/12 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ පැවති පෙර බදු නියමයද මේ සමඟ සංශෝධනය කර තිබේ.


