සිංහල හා දෙමල අලුත් අවුරුද්දෙන් පසුව අද පළමුවරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළා.
අද පාර්ලිමේන්තු කාලසටහන පහතින්,
අද ( 5 )වැනි අඟහරුවාදා පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ වූ නියමයන් හතරක් ( අංක 2471/52, 2471/53, 2471/54, 2471/55 දරන අති විශේෂ ගැසට් පත්‍ර) සහ නියෝගයක් ( අංක 2475/28 දරන ගැසට් පත්‍රය) විවාදයට ගැනීමට නියමිතයි.
ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබෙනවා.
හෙට ( 6) වැනි බදාදා පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති බවයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරන්නේ.
පෙ.ව 10.00 – පෙ.ව 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව 10.30 සිට පෙ.ව 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර තිබෙනවා.
ඉන්පසු පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙනවා.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා බේරා ගැනීම, පුනරුත්ථාපනය සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.
2026 මැයි 7 වැනි බ්‍රහස්පතින්දා පෙ. ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.
පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කෙරේ.
අනතුරුව පෙ.ව 11.30 සිට ප.ව 12.30 දක්වා ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග (අංක 2471/68 දරන ගැසට් පත්‍රය) , (203 අධිකාරිය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග ( අංක 2470/14 දරන ගැසට් පත්‍රය) සහ (351 අධිකාරිය වූ) ආගාමික හා විගාමික පනත යටතේ නියෝග ( 2026.05.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත) විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබෙනවා.
ඉන්පසු ප.ව 1.00 සිට ප.ව 5.30 දක්වා මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයට ගැනීමට නියමිතයි.
2026 මැයි 08 සිකුරාදා පෙ. ව 11.05 ට පමණ වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂයේ නායක අතිගරු ටෝ ලාම් මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත අතර අනතුරුව පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි.
ඉන්පසු ප.ව 1.30 සිට ප.ව 5.30 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා 07 ක් විවාදයට ගැනීමට තීරණය වී තිබෙනවා.
හේෂා විතානගේ මහතා – ජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ක්ෂේත්රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවකාශ සලසා දීම.
චමින්ද විජේසිරි මහතා – වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සකස් කිරීම
රවී කරුණානායක මහතා – සංක්‍රමණික සේවකයින් විසින් මුහුණ දෙනු ලබන ගැටළු විසඳීම සඳහා නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවීම.
ලාල් ප්‍රේමනාත් මහතා – බිම් මට්ටමේ පවතින සියලුම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති ජනතා අප්‍රසාදය වළක්වා ගැනීමට කටයුතු කිරීම.
රෝහණ බණ්ඩාර මහතා – මහාචාර්ය, ආචාර්ය තනතුරු අවභාවිත කිරීම වළක්වා ගැනීමට වැඩ පිළිවෙළක් සකස් කිරීම.
නලින් බණ්ඩාර ජයමහ මහතා ඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට යටත් කිරීම.
රවීන්ද්‍ර බණ්ඩාර මහතා – ෆයිනස් වගාවන් හේතුවෙන් ජල මූලාශ්‍ර වලට සහ පරිසරයට සිදුවන හානිය වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කිරීම.

