ප්‍රදේශ රැසක උණුසුම ඉහළට

අද දිනයේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය සැලකිය යුතු ප්‍රමාණයක් දක්වා ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව උතුරු, උතුරු – මැද, වයඹ, නැගෙනහිර පළාත් සහ හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැක.