ජගත් මිහිතල දිනය අදයි

ජගත් මිහිතල දිනය අදට (22) යෙදී තිබෙනවා

මෙවර එහි තේමාව වන්නේ Our Power – Our Planet (යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්) යන්නයි.

2026 වසරේදී අප මුහුණ දෙන පාරිසරික අභියෝගයන් අතරට දේශගුණික විපර්‌යාස, ජෛව විවිධත්වය හා පාරිසරික පද්ධති අහිමි වීම, කාර්මික අපද්‍රව්‍ය එක් රැස්වීම වන හායනය වැනි සංකීර්ණ ගැටළු රැසක් අවිදිමින් තිබේ.

1970 අප්‍රේල් 22 වනදා ඇමරිකා එක්සත් ජනපදයෙන් මෙම මිහිතල දිනය සැමරීම ආරම්භ කර තිබෙනවා.

අමෙරිකානු සෙනෙට් සභිකයෙකු හා පරිසරවේදියකු වු ගේලෝඩ් නෙල්සන් නැමැත්තා විසින් පුරෝගාමීව ආරම්භ කළ මෙම දිනය, පසුව ලොව පුරා ව්‍යාප්ත වී අද වන විට රටවල් 193ක බිලියන 1කට අධික ජනතාවගේ සහභාගීත්වයෙන් සමරනු ලබයි.