අප්‍රේල් මුල් දින 19ට සංචාරකයන් 88,211ක් දිවයිනට

අප්‍රේල් මාසයේ මුල් දින 19 තුළදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 88,211ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම කාලය තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 25,634ක් පැමිණ ඇති අතර, එය සමස්තයේ 29%ක් වේ.

එමෙන්ම, රුසියාවෙන් 4,682ක්, ජර්මනියෙන් 4,030ක්, එක්සත් රාජධානියෙන් 7,672ක්, චීනයෙන් 6,333ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 7,351ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මේ සමඟ 2026 ජනවාරි 01 සිට අප්‍රේල් 19 දක්වා සමස්ත සංචාරක පැමිණීම් සංඛ්‍යාව 828,845ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.