දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ද අද දින සිට තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
අද දින දුම්රිය ගමන් වාර 120ක් පමණ සිදුකිරීමට පියවර ගන්නා බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ.
ඒ අනුව අද උදෑසන සහ සවස සාමාන්‍ය පරිදි කාර්යාල දුම්රිය ධාවනය වන බවත්, 18 වෙනිදා සහ 19 වෙනිදා විශේෂ දුම්රිය ධාවනයට පියවර ගන්නා බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
එසේම අද උදෑසන 6.10ට මාතර බලා විශේෂ දුම්රියක් ධාවනය වූ බවත් සවස 1ට ද විශේෂ දුම්රියක් ධාවනය කිරීමට නියමිත බව පැවසු අසංක සමරසිංහ මහතා, 19 වෙනිදා සවස මාතර සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක වන බවද සඳහන් කළේය.

