අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති දිනය සහ පොලිස්පති මහජන දිනය නොපැවැත්වෙන බව පොලිසිය නිවේදනය කරනවා.
ඒ අනුව පොලිස් නිලධාරීන්ගේ අභියාචනා සම්බන්ධයෙන් පැවැත්වෙන පොලිස්පති දිනය අද (16) නොපැවැත්වෙයි.
එසේම හෙට (17) දිනයේ පැවැත්වීමට නියමිත පොලිස්පති මහජන සහන දිනය ද පැවැත්වෙන්නේ නැහැ.

