මේ අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද

සිංහල දෙමල අලුත් අවුරුද්ද උදා වෙන්න තියෙන්නේ තවත් දවසක වගේ පොඩි කාලයක්. ඉතින් මේ ලෝකේ සහ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද කියලා බලමු.

මේෂ

දරුවන්ගේ කටයුතුවලට වෙහෙස වී කටයුතු කරයි. ඔබේ ශරීරයේ උෂ්ණ ගතිය වැඩිවේ. කේන්තිසහගත ස්වභාවය වැඩිවෙන කාලයක් වෙයි. ඇස්වල පීඩාකාරී ස්වභාවය නිතර ඇති වෙයි. රෝහල් ආශ්‍රිතව සේවය කරන අයට ගුණදායක වෙයි, කරදර බාධා කෙසේ තිබුණත් මානසික තෘප්තිමත්භාව-යෙන් හොඳින් ප්‍රීතිමත්ව කටයුතු කළ හැකිය, ඉවසීමෙන් වාසය කළහොත් පවුලේ සියලු දෙනාට හා විශේෂයෙන් අඹු සැමියන්ට ප්‍රීතිය ගෙන දෙන, සමගියෙන් එකට එකතු වී සිටිය හැකි කාල-යකි. රැකී රක්ෂා කටයුතු වෙළහෙළඳාම්වලින් තරමක පාඩු හානි සිත් තැවුල් ඇති වේ.

ජය අංකය – 03
ජය දිනය – අඟහරුවාදා
ජය වර්ණය- රතු පැහැය

වෘෂභ

ව්‍යාපාර වලින් බොහෝ ලැබීම් ඇති කරයි. රැකියාවේ සුබ පල ගෙන දේ. තිබුණා වූ කරදර පීඩාකාරි ආර්ථික ස්වභාවයන් පහව ගොස් සමෘද්ධිය ගෙන දීම සිදු වේ. කරන සියලු කාර්යයන් සතු-ටින් කිරීමට හැකිය ආර්ථික සංවර්ධනය පීඩා මධ්‍යයේදී ඉහළ යෑමක් දැක ගත හැකිය, ආර්ථිකමය ගැටලු මත නිවාස සෑදීම අතරමඟ නතර වූයේ නම් එය නැවත සකසා ගැනීමට ඉඩ අව-ස්ථාව උදාවේ. උෂ්ණ රෝග, සෙම් රෝග ඇතිවේ.
ජය අංක : 06
ජය දිනය: සිකුරාදා
ජය වර්ණ : දම් පැහැය

මිථුන

රැකී රක්ෂා කරන ස්ථානවල තමාට වඩා උසස් නිලවල අය-වලුන්ගෙන් කරදරකාරී ස්වභාවයන් තිබුණේ නම් එකී ස්වභාව-යන් පහව ගොස් ඔවුන්ගේ පැසසුමට ලක්වේ. රැකියා ආයත-නයේ ගැටලු වලට මැදිහත්වීමක් නිසා පක්ෂපාතීත්වයෙන් සිටි අය වෙනස්වී තම මිතුරන් සතුරන් වීමේ අවදානමක් ඇති වේ. අවබෝධයෙන් ද මනා සිහි බුද්ධියෙන් ද කටයුතු කිරීමට මතක තබාගන්න. ගෙදර දොර අඹුදරුවන් සමඟ ප්‍රීතියෙන් ගත කළ හැකි කාලයකි. රටින්පිට විදේශ රැකියා බලාපොරොත්තු වූවන් රාශියකට රැකියා සිහින පල ගැන්වේ. ව්‍යාපාර වලින් ලාභ ලැබේ. මුදල් ප්‍රවේශමෙන් පාච්චි කළ යුතුයි.
ජය අංක : 05
ජය දිනය: බදාදා
ජය වර්ණ : කොළ පැහැය

කටක

විවාහ ගැටලු ව්‍යාපාර ගැටලු තිබුණේ නම් ඒවා තරමක් දුරට ලිහිල් වෙන ස්වභාවයක් දක්නට ලැබේ. බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් ආර්ථික සංවර්ධනයත් සමාජ වගකීම ඇසුරෙන් ජනප්‍රියතාවක් ඇති වේ. අධ්‍යාපනික වශයෙන් තමන් කටයුතු කරන්නේ නම් එහි සාර්ථක ප්‍රතිඵල අත්විඳිය හැකිය. ඉව-සීමෙන් කටයුතු කිරීම තුළින් ගැටලු වලට විසඳුම් ලබා ගතහැකිය. මුදල් ණයට දීම් හෝ ණය ලබා ගැනීම්වලදී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. අන්‍යයන් සමඟ කටයුතු කරන අවස්ථා වලදී බොහෝ සෙයින් පරිස්සම් විය යුතුය. මුඛ රෝග, හිසේ අබාධ මතු විය හැකි කාලයකි.
ජය අංක : 08
ජය දිනය : බදාදා
ජය වර්ණ : කොළ පැහැය

සිංහ

ජාතික ආගමික සමාජමය කටයුතු වලට යොමු වන්නේ නම් මනා සුපරික්ෂාකාරීව දුරදිග බලා කටයුතුවලට සහය දැක්වීම කළ යුතුයි. විවිධ ප්‍රශ්න විවිධ ගැටලු මානසික ආතතිය වැනි තත්ත්ව වලට පත්වීමට ඉඩ අවකාශ ඇති බැවින් කල්පනාකා-රිව කටයුතු සිද්ධ කළ යුතුය. තදබල ලෙස ප්‍රශ්න ගැටලු වලට මුහුණදීමට සිදුවන බැවින් ආගමික කටයුතු, පින් දහම් කටයුතු වැඩිපුර කළ යුතුයි. වෙළෙඳ ව්‍යාපාර සාර්ථක වී ආර්ථිකය ගොඩනඟා ගැනීමට හැකි වේ. චිත්ත පීඩාවන් දුරුවේ. තම පවුල සමඟ නිතර අසමගිතා ඇතිවිය හැකිය. අඹු සැමියන් අතර මතභේද හටගනි. අස්ථි, ස්නායු, පාද, කොන්ද ආශ්‍රිතරෝග වැලඳීමේ ප්‍රවණතාවක් ඇති වේ.
ජය අංක : 06
ජය දිනය : බ්‍රහස්පතින්දා
ජය වර්ණ : කහ පැහැය

කන්‍යා

ප්‍රශ්න ගැටලූ ඇති ස්වභාවයක් පෙන්නුම් කළත් ප්‍රශ්න නොමැති අයෙකු සේ සමාජය විසින් ඔබ හැඳින් වූවත් ඔබගේ අභ්‍යන්තරයේ ප්‍රශ්න ගැටලු තිබේ. සමාජය විසින් ඔබ වෙත එල්ල කරන විවිධාකාර වූ පීඩාකාරී ප්‍රශ්න දෙස බුද්ධියෙන් විමසා තම නිදහස ලබා ගැනීම උත්සුක වන්න. යුග ජීවිතය හවුල් ව්‍යාපාරවල කරදරකාරී ස්වභාවයක් පෙන්නුම් කරයි. ආගමික, සාමාජීය කටයුතුවලට මුල්තැන දෙයි, පොදු කටයුතු වලදී නින්දා අපහාස ඇතිවිය හැකිය. ආර්ථික තත්ත්වය යහපත් වුවත් වියදම් පාර්ශ්වය වැඩිවේ. එම නිසාණය වීමේ අවදානමක් පවතී. රැකියාවේ උසස්විම් හෝ මාරුවීම් ඇතිවිය හැකි කාලයක් වේ.
ජය අංක : 05
ජය දිනය : සිකුරාදා
ජය වර්ණ : කොළ පැහැය

තුලා

ආදරය, කරුණාව, දයානුකම්පිත භාවය තමාට මෙන්ම අන්‍යයන්ට ද වැඩිපුර ගැනීමටත් දීමටත් නිරන්තරයෙන් පෙලඹේ. ආර්ථික තත්ත්වයන් හොඳ මඟකට ගැනීමට නම් ඒ පිළිබඳ මනා අවබෝධයකින් අය-වැය සමබර කර ගැනීමට මොළය පාවිච්චි කරන්න, තම සිතැඟි අභිමත බිඳී යෑමෙන් ඍණාත්මක සිතිවිලි පහළ වීමට ඉඩ ප්‍රස්ථාව ඇත. සමාජ -මය වශයෙන් තමාට ඇති තත්ත්වය ඒ අයුරින්ම රඳා පවත්වා ගැනීමට කෝපවීම අත්හැරිය යුතුය. තනි තීරණ තනි මතය නිසා තමන් විසින්ම කරදරයට පත්වන අවස්ථා ඇතිවිය හැකිය. ආර්ථික අපහසුතා වලින් පීඩාකාරී තත්ත්ව මතුවේ
ජය අංක : 07
ජය දිනය : සිකුරාදා
ජය වර්ණ : රෝස පැහැය

වෘශ්චික

යාන වාහන ගේ දොර සැකසීමේදී අකර්මණ්‍ය වී තිබුණේ නම් ඒවා සකසා ගැනීමට යහපත් කාලයක් උදාවේ. උත්සුකව කට-යුතු කිරීම තුළින් ආර්ථිකය ශක්තිමත් කරගනී. හැකියාවෙන් රැකියාව දියුණු තත්ත්වයක් උදා කර ගැනීමට මෙන්ම ප්‍රශං -සනීය සමාජ පුද්ගලයෙකු බවට පත්වෙයි. සෑම කාර්යයක්ම අර්ථ සහිතව සිදු කිරීමෙන් ප්‍රතිඵල ඇති වේ. ගෘහ ජීවිතආශ්‍රිතව වැඩිහිටි පාර්ශ්වයෙන් චෝදනා එල්ල විය හැකිය. නැණපස තුළින් හොඳ ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට හැකියාව ඇත. උසස් අධ්‍යාපනයට ඉතා ශුභ කාලයකි. රැකි-යාවෙන් පෙරට වඩා සහනයක් ඇති කරයි. සමේ රෝග, වාතවේදනා, ශ්වසනාබාධ ඇති වීමට ඉඩ ඇත.
ජය අංක : 06
ජය දිනය : සිකුරාදා
ජය වර්ණ : දම් පැහැය

ධනු

චිත්ත අභ්‍යන්තරයෙන් ගැටලු මතු වේ. එමඟින් විවිධ ප්‍රශ්න ගැටලු වලට යොමු වීමට ඉඩ ප්‍රස්ථාව ඇතිවේ. ඉතා කල්පනාකාරීව මනා සිහියකින් කටයුතු කිරීමට වග බලා ගත යුතුය. විවිධ රෝග පීඩා වලින් දුකින් පෙළෙන්නේ නම් එය උත්සන්න වීමට ඉඩ කඩ ඇත. සාමාජීය වශයෙන්. පුද්ගල පරිභවයට ලක් වේ. එබැවින් සමාජ කටයුතුව-ලදී අන්‍යෝන්‍ය අවබෝධයකින් හැසිරීම ඉතා වටී. ආගම දහමට මුල් තැනදී හැසිරීමෙන් චිත්ත පීඩාවන් අවම වේ. ගෙදර දොර අලුත්වැඩියාවන් කිරීමට පෙළඹේ. අලුතින් වාහනයක් හෝ නිවෙසක් මිල දී ගැනීමට සිතාමතා කට-යුතු කරයි.
ජය අංක : 09
ජය දිනය : බ්‍රහස්පතින්දා
ජය වර්ණ : කහ පැහැය

මකර

මෙකී කාලය තුළදී වාචික වාග් ප්‍රහාර දරුණු වීම නිසා කේන්තිය බහුල පුද්ගලයෙකු සේ හැසිරෙයි. එමඟින් සමා ජයේ අපකීර්තියට, පර්භවයට ලක්වේ. ඉතා කල්පනාකාරීව කටයුතු කිරීමෙන් උත්සාහය නිසාම ආර්ථික දියුණුව උදාවේ. රැකී රක්ෂා කටයුතු වෙනදාට වඩා උදෙහිමත් ලෙස අරම්භ වේ. ශාර්මික වශයෙන් අඩු රෝගී තත්ත්වයන් පෙන්නුම් කරයි. සියලු කරුණු දෙස බලන විට මේ කාලය තුළදී තමාට ඉතා යහපත් කාලයක් උදාවනු ඇත. එ මඟින් විවිධාකාර වූ ගැට ලුවලට පිළිතුරු ලැබීම තුළින් ජීවන සතුට උදාපත් වේ. ලේ ආශ්‍රිත රෝග තත්ත්ව වැඩිවීමේ අවදානමක් ඇති වේ.
ජය අංක : 08
ජය දිනය : සෙනසුරාදා
ජය වර්ණ : නිල් පැහැය

කුම්භ

ගෙදර දොර වෙනදාට වඩා සමගියක් ඇති වේ. තමාගේ ආකල්පවල ද දියුණුවක් ඇතිකර ගනී. ශිර්ෂයේ ඇති බොහෝ ගැටලුවලට යම් හෝ සහනයක් ලබා ගැනීමට මෙම කාලය තරමක් උදවු වේ. ප්‍රශ්නවලට මැදි වීමට සිදු වන්නේ වචනය නිවැරදිව භාවිත නොකිරීම නිසාවෙනි. එමෙන්ම ආර්ථිකයේ අඩුවීමක් ද එක් හේතුව නිසාම සිද්ධ වේ. ආර්ථිකමය වශ යෙන් සල්ලි මිල මුදල් ලැබුණ ද වියදම් පාර්ශ්වය වැඩිවීම නිසා ආර්ථික අපහසුතා වලට මුහුණ දීමට සිදු වේ. ඉතා කල්පනාකාරීව මුදල් ගනුදෙනු සිදු කළ යුතුයි.
ජය අංක : 02
ජය දිහය : ඉරිදා
ජය වර්ණ : දම් පැහැය

මීන

කායික මානසිත ආර්ථීකමය වශයෙන් ගැටලුවලට මුහුණ දීමට සිදු වේ. වෘත්තීමය වශයෙන් තමන්ට -ළපෙන තැනැත්තන්ගෙන් ප්‍රශ්න ගැටලු එදිරිවාදිකම් සිදු වේ. අන්‍යයන් සමඟ ගනුදෙනු කිරීමේදී වචනය ඉතා කල්පනාකාරීව එළියට දැමිය යුතුය. පිටස්තරයන් සමඟ සම්මුති එකඟතාවන් පිළිබඳ සාකච්ඡා කිරීමේදී ද ඉතා කල්පනාකාරි විය යුතුයි. සිහි බුද්ධියෙන් ප්‍රශ්න ගැටලු අවම කිරීමට මඟ උදාවෙයි. අභූත චෝදනා වලට පිළිතුරු හෝ ස්වකීය නිර්දෝෂිභාවයෙන්, නිහඬතාව ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර වෙයි.
ජය අංක :
ජය දිනය : සිකුරාදාට
ජය වර්ණ : රන්වන් පැහැය