Artemis II ගගනගාමීන් ආරක්ෂිතව යළි පෘථිවියට

ඓතිහාසික සඳ ගමනකින් පසුව Artemis II ගගනගාමීන් යළි ආරක්ෂිතව පෘථිවියට පැමිණ තිබෙනවා.

ඔරායන් යානය මෙරට වේලාවෙන් අද (11) අලුයම 5.30ට කැලිෆෝනියාවේ සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට ආරක්ෂිතව ගොඩ බස්සවනු ලැබූ බව නාසා ආයතනය තහවුරු කළේයය.

දින 10ක චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින් ඔරාන් අභ්‍යවකාශ යානය පසුගිය අප්‍රේල් 6වනදා සඳ බලා ගමන් ආරම්භ කරනු ලැබීය.

මෙම මෙහෙයුම සඳහා ගගනගාමීන් හතරදෙනෙක් සහභාගී වී ඇති අතර ඔවුන් කිලෝමීටර 406,771 (සැතපුම් 252,756)ක චන්ද්‍ර පියාසැරියක් සම්පූර්ණ කරනු ලැබුවා.

මෙම දුර පෘථිවියෙන් ඔබ්බට මිනිසුන් මෙතෙක් ගමන් කර ඇති උපරිම දුර මෙය වීම විශේෂත්වයක්.