අද සිට 18 දක්වා QR ඕනේ නැහැ

උත්සව සමය හේතුවෙන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත්කිරීමේ දී ‘QR’ක්‍රමය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

අද (11) පැවති මාධ්‍ය හමුවකදී තෙල් සංස්ථා සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා මේ බව සඳහන් කළේය.

කෙසේ නමුත් ‘ඔත්තේ ඉරට්ටේ’ සැලකිල්ලට ගන්නා බවයි ඔහු පැවසුවේ.

කෙසේවෙතත් ඩීසල් වාහන සඳහා ‘QR’ක්‍රමය එළෙසින්ම ක්‍රියාත්මකයි.