වියළි කාලගුණ තත්ත්වය හමුවේ අද (07) හෝමාගම කලාප අංක 02 ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෝමාගම නගරය, වෑකන්ද, පින්කෙත පාර, වලව්ව පාර, ගැමුණු මාවත, අතුරුගිරිය පාර, ගලවිල වත්ත, නියඳගල, මාගම්මන, මහකටුවාන, දෙනිය සහ දියගම විශ්වවිද්‍යාලය යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටවෙනු ඇත.
පෙරවරු 08.00 සිට පස්වරු 08.00 දක්වා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මකයි.

