එක රැයකින් ඉරානය විනාශ කරන බවට ට්‍රම්ප් තර්ජනය කරයි

ඉරානය එක රැයකින් විනාශ කර දැමිය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබේ.

ඔහු අවධාරණය කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබාදී ඇති කාලය අද (07) රාත්‍රී 8න් අවසන් වන බවය.

අද රාත්‍රී 8 වන විට තමාට පිළිගත හැකි ගිවිසුමකට එළඹීමට ඉරානය අපොහොසත් වන්නේ නම් ඉරානයට එරෙහිව දැඩි විනාශකාරී ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

මධ්‍යම රාත්‍රිය වන විට ඉරානයේ පාලම් සහ බලාගාර සම්පූර්ණයෙන්ම විනාශ කර ඉරානය ගල් යුගයකට ගෙන යාම සිදුකරන බව ඔහු පවසා ඇත.

අදින් පසුව ඉරානයට යළි කිසිදු සහන කාලයක් ලබා නොදෙන බව ද ට්‍රම්ප් මෙහි දී සඳහන් කර තිබෙනවා.