හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය සඳහා ගාස්තු අය කිරීමේ සැලසුම්වලට ඉරාන පාර්ලිමේන්තු කමිටුවක් අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වෙනවා.
එසේම ඒ යටතේ අමෙරිකානු සහ ඊශ්‍රායල නෞකාවලට එම සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම තහනම් කරනු ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීට අමතරව, ඉරානයට එරෙහි සම්බාධක සඳහා දායක වූ අනෙකුත් රටවලට ද මෙම තහනම බලපැවැත්වෙනු ඇති බව සඳහන්.
පර්සියානු බොක්ක සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තමන්ට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත්, එම නිසා එහි ප්රතිලාභ ලබන නැව්වලින් බද්දක් හෝ ගාස්තුවක් අය කළ යුතු බවත් ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම සැලසුමට පක්ෂව කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
ඇමරිකාව ඇතුළු බටහිර රටවල් විසින් පනවා ඇති දැඩි ආර්ථික සම්බාධක හමුවේ තම රටට ආදායම් මාර්ග සොයා ගැනීම සහ අදාළ රටවලට බලපෑම් කිරීම මෙහි තවත් අරමුණක් ලෙසයි ඔවුන් දක්වා තිබෙන්නේ.
කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ සාගර නීතියට (UNCLOS) අනුව ජාත්‍යන්තර සමුද්‍ර සන්ධීන් හරහා සිදුවන “නිදහස් සංචලනය” යටතේ නැව්වලට බාධාවකින් තොරව ගමන් කිරීමට අයිතියක් ඇත.

