ප්‍රදේශ රැසකට අවධානය යොමු කළ යුතු උණුසුමක්

ප්‍රදේශ රැසකට උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, උතුරු සහ උතුරුමැද පළාත්වලත් මොණරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ‘ මට්ටමක පැවතිය හැක.