ඉරානයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර දීම අප්‍රේල් 6 දක්වා කල්දමයි

ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අප්‍රේල් 6 දක්වා තවත් දින 10කින් දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

ඉරානයේ ඉල්ලීමක් මත මෙම තීරණය ගත් බවයි ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.

පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාරවලට ප්‍රහාර එල්ලකරන බවට ජනපති ට්‍රම්ප් පසුගිය සෙනසුරාදා ඉරානයට තර්ජනය කර තිබුණි.