ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අද (23) ගනුදෙනු ආරම්භයේදීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ (WTI) බොරතෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇත.

චිකාගෝ වෙළඳ මධ්‍යස්ථානයේ (Chicago Mercantile Exchange) ගනුදෙනු ආරම්භ වී මිනිත්තු කිහිපයක් ඇතුළත, මැයි මාසයේ සැපයුම් වෙනුවෙන් WTI බොරතෙල් බැරලයක මිල  1.78%කින් ඉහළ ගොස් ඩොලර් 100.10ක් ලෙස සටහන් වුණා.

එසේම ‘බ්‍රෙන්ට්’ (Brent) බොරතෙල් මිල ද  1.73%ක් ඉහළ යමින් එහි බැරලයක මිල ඩොලර් 113.44ක් වශයෙන් සටහන් වුණා.