අද බස් ධාවනයේ විශාල අඩුවක්

අද (23) දිනයේ බස් යම්කිසි ප්‍රමාණයක් ධාවනය වුවත් ඇතැම් ප්‍රදේශවල බස් ධාවනයේ අඩුවක් දක්නට ලැබෙන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ, අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා පවසනවා.

අධිවේගී මාර්ගවල සම්පූර්ණයෙන්ම බස් ධාවනය අඩාල වී ඇති අතර, මගීන් සාමාන්‍ය මාර්ගවල ගමන් කිරීමට පෙළඹී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

කෙසේවෙතත් අද (23) දිනයේ ලංගම බස් රථ සියල්ල ධාවනයේ යෙදෙන බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විසින් සකස් කරන ලද බස් ගාස්තු සංශෝධනය අද සවස අමාත්‍ය මණ්ඩලය හමුවට යොමු කරන අතර, ඒ අනුව අනුමැතිය හිමි වූ වහාම එය දැනුම් දීමට නියමිතයි.

10%කට වඩා වැඩි ප්‍රමාණයකින් බස් ගාස්තුව වැඩි වීමට කොමිෂන් සභාව අනුමැතිය ඉල්ලූ බවද පැවසූ මිලාන් මිරැන්ඩා මහතා බස් ගාස්තුව අවම ගාස්තුවේ සිට උපරිම ගාස්තුව දක්වා වූ බස් ගාස්තු 350ක් සකස් කර ඇති බවද පැවසීය.