කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (20) ඒකක 375.72 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ගනුදෙනු අවසානයේ එය ඒකක 20,639.73 ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 4.4 ක් වනවා.