2026 ඔස්කාර් සම්මාන බෙදී ගියේ මෙහෙමයි

ලොව සිනමා ක්ෂේත්‍රයේ පිිරිනමනු ලබන ඉහළම සහ කීර්තිමත්ම සම්මානය ලෙස ඔස්කාර් සම්මානය සැලකෙනවා.

මෙහි නිල නාමය වන්නේ ‘ඇකඩමි සම්මාන’ (Academy Awards) යන්නයි. ඇමරිකානු චිත්‍රපට කලා හා විද්‍යා ඇකඩමිය (AMPAS) මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම උළෙල හරහා සිනමා අධ්‍යක්ෂණය, රංගනය, තිර රචනය ඇතුළු තාක්ෂණික අංශ රැසක විශිෂ්ටයින් ඇගයීමට ලක් කෙරේ.

සිනමාකරුවෙකු තම ජීවිත කාලය තුළ ලබන ඉහළම ජයග්‍රහණය ලෙස මෙම රන්වන් ප්‍රතිමාව හිමි කර ගැනීම සලකනු ලබනවා.

2026 වසරේ ඔස්කාර් සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ ඇති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.

2026 ඔස්කාර් සම්මාන උළෙලේ ජයග්‍රාහකයන්

මෙවර සම්මාන උළෙලේ කැපී පෙනෙනම සිනමා පටය බවට පත්වූයේ සම්මාන 6ක් දිනාගත් ‘One Battle After Another’ චිත්‍රපටයයි. එමෙන්ම මයිකල් බී. ජෝර්ඩන් සහ ජෙසී බක්ලි ප්‍රධාන රංගන සම්මාන දිනා ගනිමින් සිනමා ලොව අවධානය දිනා ගත්හ.

ප්‍රධාන සම්මාන

  • හොඳම චිත්‍රපටය: One Battle After Another
  • හොඳම නිළිය: ජෙසී බක්ලි (Hamnet)
  • හොඳම නළුව: මයිකල් බී. ජෝර්ඩන් (Sinners)
  • හොඳම අධ්‍යක්ෂණය: පෝල් තෝමස් ඇන්ඩර්සන් (One Battle After Another)
  • හොඳම සහාය නිළිය: ඇමී මැඩිගන් (Weapons)
  • හොඳම සහාය නළුව: ෂෝන් පෙන් (One Battle After Another)

තිර රචනය සහ තාක්ෂණික අංශ

හොඳම මුල් තිර රචනයරයන් කූග්ලර් (Sinners)
හොඳම අනුවර්තිත තිර රචනයපෝල් තෝමස් ඇන්ඩර්සන් (One Battle After Another)
හොඳම සිනමාකරණය (Cinematography)Autumn Durald Arkapaw (Sinners)
හොඳම සංස්කරණයඇන්ඩි ජර්ගන්සන් (One Battle After Another)
හොඳම නිෂ්පාදන සැලසුම්කරණයFrankenstein
හොඳම ඇඳුම් නිර්මාණයFrankenstein
හොඳම දෘශ්‍ය ප්‍රයෝග (Visual Effects)Avatar: Fire and Ash

සංගීතය සහ ශබ්ද පරිපාලනය

  • හොඳම මුල් තනු නිර්මාණය (Original Score): ලුඩ්විග් ගොරන්සන් (Sinners)
  • හොඳම මුල් ගීතය: “Golden” – KPop Demon Hunters
  • හොඳම ශබ්ද පරිපාලනය: F1

විශේෂිත අංශ

  • හොඳම ඇනිමේෂන් චිත්‍රපටය: KPop Demon Hunters
  • හොඳම ජාත්‍යන්තර චිත්‍රපටය: Sentimental Value (නෝර්වේ රාජ්‍යය)
  • හොඳම වාර්තාමය චිත්‍රපටය: Mr Nobody Against Putin
  • හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා මෝස්තර: Frankenstein

කෙටි චිත්‍රපට

  • හොඳම සජීවී ක්‍රියාදාම කෙටි චිත්‍රපටය (සම සමව): The Singers සහ Two People Exchanging Saliva
  • හොඳම ඇනිමේෂන් කෙටි චිත්‍රපටය: The Girl Who Cried Pearls
  • හොඳම වාර්තාමය කෙටි චිත්‍රපටය: All the Empty Rooms