පෞද්ගලික බස් වලට ඩිපෝවෙන් ඉන්ධන

පුද්ගලික මගී ප්‍රවාහන බස්රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කරනු ලබන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

නිෂ්පාදන කාර්යන් හා අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීමට අවශ්‍ය වන රථවාහන සදහා අදාළ ආයතන එක්ව විශේෂ ක්‍රමවේදයක් යටතේ ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කරන බව ද බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේය.