ඉරාකයේ සිටින අමරිකානුවන්ටත් වහාම ඉවත්වෙන ලෙස දැනුම්දීමක්

වහාම ඉරාකයෙන් ඉවත් වන ලෙස එහි සිටින සියලු ඇමරිකානු පුරවැසියන්ට දැනුම් දෙන බව බැග්ඩෑඩ් හි එක්සත් ජනපද තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබෙනවා.

ඒ ඉරානයට හිතවාදී සටන්කාමීන්ගෙන් එල්ල විය හැකි තර්ජන සැලකිල්ලට ගෙනයි.

බැග්ඩෑඩ් හි පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාල සංකීර්ණයේ ඇති හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගනයකට සෙනසුරාදා (14) අලුයම මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඉන් සිදුවූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.